Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
    Featured

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    By LFNDecember 26, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

    මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් වේ.

    දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 161,383න් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

    ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,131කි.

    රුසියාවෙන් සංචාරකයින් 22,637ක් , බ්‍රිතාන්‍යයෙන් 12,822ක්, ජර්මනියෙන් 9,998ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 8,646ක් දෙසැම්බර් මාසය තුළ දිවයිනට පැමිණ තිබේ.

    මේ වසරේ ගතවු කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 399,224ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර රුසියාවෙන් සංචාරකයින් 189,289ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

    බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 172,404ක්ද, ජර්මනියෙන් 131,379ක් ද චීනයෙන් 120,268ද ප්‍රංශයෙන් 86,440ක්ද මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

    මේ අතර වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 21 ආසන්න පිරිසක් දිවයිනට පැමිණෙනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260119 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.