ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්රයට යොමු ව තිබුණි
මාදම්මේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවස්ථාවේ සිටම සංගීත විෂයක් ලෙස හදාරා ඇති ඔහු පසු කලෙක ගුවන් විදුලි සංස්ථාව හා එක් විය.
එහිදී සරළ ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු බවට පත් විය.
එසේම ඔහු සංගීත ගුරුවරයෙකු වශයෙන්ද ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සේවය කර ඇත.
ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් “සරතැස නිවා” ගීතය ඔහුගේ මුල්ම ගීතය ද වේ.
එමෙන්ම ඔහු “කැන්දන් යන්නම් රන්මාල් මාලා දාලා..” “අඳුර අඳුර මගේ..” කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇත.