Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීගොඩ වෙඩිතැබීමට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    මීගොඩ වෙඩිතැබීමට සම්බන්ධ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 23, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුගිය 14 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (22) පස්වරුවේ හෝමාගම හා මීගොඩ පොලිස් වසම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    සැකකරුවන් අවුරුදු 22,26 හා 38 යන වයස්වල පසුවන පාදුක්ක හා මීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර තිබේ.

    ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වනදා මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුවෙකු හා එයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් අනුව ලැබුණු තොරතුරු මත ඊයේ මෙම අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන්ගෙන් එක් අයෙකු මෙම අපරාධය සිදුකිරීමට වෙඩික්කරු සමග පැමිණි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.