Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනය කරන ලද MOP පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ
    Featured

    ආනයනය කරන ලද MOP පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ

    By LFNDecember 22, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි.

    ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී තිබේ.

    ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවය.

    යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවත් පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් එහි සඳහන් වේ.

    අමාත්‍යංශය පැවසුවේ ඒ සම්බන්ධව පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා මහත්මිය විසින් ලබා දී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කළ තොරතුරු මත පදනම් වන බවත් ය.

    මේ හේතුවෙන් එම පොහොර අනියත බියකින් තොරව භාවිත කළ හැකි බවත් අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට මෙම පොහොර තොගය ලබා දුන් අතර එම පොහොර තොගය රැගත් නෞකාව පසුගිය 12 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.