Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්
    Featured

    පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

    By LFNDecember 22, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය.

    කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ.

    බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.

    මේ අතර සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබේ.

    ඒ අනුව වයඹ පළාත 10.9%ක් ද මධ්‍යඹ පළාත 10.3%ක් ලෙසද එහිදී දායකත්වය ලබා දී ඇත.

    මහ බැංකුව පැවසුවේ බස්නාහිර පළාතේ දායක්ත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

    තවද පෙර වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සියලුම පළාත්වල නාමික දළ දේශීය නිශ්පාදනය 2023 වසරේදී වර්ධනය වී තිබේ.

    ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් ලබා දී ඇති දායකත්වය අනුව කෘෂිකාර්මික කටයුතුවලදී වයඹ පළාත තවදුරටත් ඉහළම දායකත්වය ලබා දී ඇති අතර එහි අගය 19.6%කි.

    දකුණු පළාත 13.5%ක් ද මධ්‍යඹ 12.4%ක් වශයෙන් පළාත් පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළම දායකත්වය ලබා දී තිබේ.

    මේ අතර 2023 වසරේදී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත දක්වා ඇති අතර එහි අගය 48.7%කි.

    ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබේ.

    එමෙන්ම වයඹ 12.3%ක් සහ මධ්‍යම 9.3%ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළම දායකත්වය වාර්තා කර ඇත.

    සේවා අංශයේ ක්‍රියාකාරිත්වය අනුව ද බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවන අතර එහි අගය 45.9%කි.

    දෙවැනුව මධ්‍යම පළාත 10.4%ක දායකත්වයක් ලබා දී ඇති අතර දකුණු පළාත 9.9%ක දායකත්වයක් ලබා දී තිබේ.

    එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් බවද මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.