Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේ සිදුකළ හදිසි වැටලීම
    Featured

    අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේ සිදුකළ හදිසි වැටලීම

    By LFNDecember 22, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබේ.

    එහිදී ඇතැම් ආපනශාලා ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවැති අතර මුළුතැන්ගෙය ආශ්‍රිතව ආහාර පිසින ස්ථානයන් හී මීයන්ගේ අසූචි පැවතීම සහ මීයන්ගේ අසූචි ආහාර පිසින භාජනවලට එකතු කිරීම නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් විය.

    තවද ඇතැම් ආපනශාලා හී ආහාර පිසින ස්ථානයන් හි සුරතල් බළලුන් පවා සිටින අයුරුද මෙහිදි දක්නට ලැබිණි.

    වැටලීම් සිදුකරනු ලබන අවස්ථාවේදී ආපනශාලා හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පැවසුවේ මීයන් ගහනය වැඩි බවත් නගර සභාව විසින් මේ සඳහා පිළියම් යෙදීමක් සිදු නොකරන බවත්ය.

    මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අදාළ වෙළෙඳසැල් වෙත දැඩි ලෙස අවවාද කර ඇති අතර කෑම සකස් කිරීම සඳහා කැඩී බිඳි ගිය නුසුදුසු ප්ලාස්ටික් භාජන ඉවත් කරන ලෙසද ආපනශාලා හිමියන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    තවද අපිරිසිදු ලෙස ආහාර පිසින ලද ආපන ශාලා සියල්ලටම නඩු පැවරීමටද අදාළ නිලධාරීන් පියවර ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.