Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
    Featured

    ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

    By LFNDecember 21, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

    එම එකමුතුව වෙනුවෙන් ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවය.

    එමෙන්ම මෙම බදු ක්‍රමය හේතුවෙන් වෘත්තියවේදීන් දැඩි අපසුතාවයකට පත්වූ බවත් මේ හේතුවෙන් විවිධ උද්ඝෝෂණ සහ වැඩවර්ජන පවා සිදු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

    වර්තමාන රජය මෙම බදු සීමාව වැඩි කිරීමට තීරණය කිරීම වෘත්තියවේදීන් ගැන අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සිතා බලා ගෙන ඇති තීරණයක් බැවින් එම තීරණය ඉතා වැදගත් බවද ඔහු මෙහිදී පැවසීය.

    මේ හේතුවෙන් වෘත්තියවේදීන් එකමුතුව රැස්වී මෙම බදු ක්‍රමය සාධාරණීකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමටත් ඉදිරියේදී බදු ක්‍රමය ලිහිල් කරන ආකාරය පිළිබඳව සහ පවතින බදු ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව දැනගැනීමටත් මෙන්ම තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල බදු ප්‍රමාණයක් අයකර ඇති බැවින් එය අපේක්ෂිත බදු ආදායමද ඉක්මවා ඇති බවය.

    එමෙන්ම බදු නොගෙවන පිරිස් සම්බන්ධව ගෙන ඇති තීරණය කුමක්ද සහ එකතු කරගන්නා ලද බදු කුමන කාර්යන් සඳහා යොදවා ඇත්දැයි යන්න පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමට තීරණය කළ බවත් ය.

    එසේම නව බදු ප්‍රතිපත්තිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් බදු ක්‍රමය සාධාරණ වන තුරු වෘත්තියවේදීන් විසින් අඛණ්ඩව සටන් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 20250115 Views

    2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බව ගොවිජන කොමසාරිස් ජනරාල්…

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025

    මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.