මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගංගාව වන පොල්වතු ගඟ, ඉමදුව සහ කනංකේ යන ප්‍රදේශවලින් ආරම්භ වී පොල්අතුමෝදර ප්‍රදේශයෙන් මුහුදට ගලා බසියි. මෙම ගඟ හරහා ඉදිකර ඇති “ඉල්වත්ත අමුණ” අබලන්වීම හේතුවෙන් එම ප්‍රදේශවල ගොවීන් විශාල පීඩාවකට පත්ව ඇති බවට වාර් තාවේ. එය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා පසුගිය වර්ෂයේදි ගොවීන් විසින් අවස්ථා කිහිපයකදීම බළධාරීන්ගෙන් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් වර්ෂාවෙන් විනාශ වී ඇති බවට වාර් තාවේ.
එමෙන්ම දැනට මාස දෙකකට පමණ ඉහතදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අමුණේ අක්‍රීයව තිබූ දොරවල් ගලවා ඉවත් කර ඇති අතර, මේ වන තෙක් එහි අළුත්වැඩියා කටයුතු නොකිරීම හේතුවෙන් මෙවර කුඹුරු වගා කිරීමේදී ගොවීන් දැඩි ගැටළුකාරී තත්වයකට මුහුණපෑමට සිදුව ඇත. මෙම අමුණ නිසියාකාරව පිළිසකර නොකිරීමෙන් එම ගංගා ජලයට කරදිය මිශ්‍රවීම හේතුවෙන් කුඹුරු අස්වැද්දීමට නොහැකි වී ඇත. මෙවර මහ කන්නය නොවැම්බර් මස 10 වන දිනට පෙර ආරම්භ කරන ලෙස දැනුම් දුන්නද වැසි ජලයෙන් පමණක් කුඹුරු අස්වැද්දීමට සිදුවීම හේතුවෙන් ගොවීන් මහත් අපහසුතාවයට පත්ව ඇත බවට ගොවීහු පෙන්වා දෙති.