Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්
    Featured

    ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

    By LFNDecember 20, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි.

    ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණි.

    බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.

    එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    “බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

    එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි.

    ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.

    අද උදෑසන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් “බටු මීයා” සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් ය.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර “බටු මීයා” ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.