Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසල්වැසියාව ඝාතනය කළ මීගොඩ වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම
    Featured

    අසල්වැසියාව ඝාතනය කළ මීගොඩ වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම

    By LFNDecember 20, 2024No Comments1 Min Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාගහවත්ත ප්‍රදේශයේදී පසුගිය 14 වනදා සිය බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු වන 27 හැවිරිදි සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය.

    වෙඩිතැබීම සිදුකළ දිනට පසුදින ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසට ගොස් මෘත ශරීරයට අවසන් ගෞරව ද දක්වා ඇති බව පොලීසිය පැවසුවේය.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, මීගොඩ පොඩි දනා නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

    මීට කලකට ඉහත පැවති සාදයකදී මීගොඩ පොඩි දනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර හටගත් ගැටුමක් ඝාතනයට හේතුවී ඇති බවද අනාවරණ වී තිබේ.

    පොඩි දනා නමැත්තා හා පවතින හිතවත්කම මත කිසිදු මුදලක් ලබා නොගෙන මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා ඇති බව වාර්තාවෙයි.

    ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරන ගිනි අවිය ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර‍ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.