Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අසල්වැසියාව ඝාතනය කළ මීගොඩ වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම
    Featured

    අසල්වැසියාව ඝාතනය කළ මීගොඩ වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම

    By LFNDecember 20, 2024No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාගහවත්ත ප්‍රදේශයේදී පසුගිය 14 වනදා සිය බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු වන 27 හැවිරිදි සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය.

    වෙඩිතැබීම සිදුකළ දිනට පසුදින ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසට ගොස් මෘත ශරීරයට අවසන් ගෞරව ද දක්වා ඇති බව පොලීසිය පැවසුවේය.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, මීගොඩ පොඩි දනා නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.

    මීට කලකට ඉහත පැවති සාදයකදී මීගොඩ පොඩි දනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර හටගත් ගැටුමක් ඝාතනයට හේතුවී ඇති බවද අනාවරණ වී තිබේ.

    පොඩි දනා නමැත්තා හා පවතින හිතවත්කම මත කිසිදු මුදලක් ලබා නොගෙන මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා ඇති බව වාර්තාවෙයි.

    ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරන ගිනි අවිය ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර‍ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.