Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශීය කිරි නිෂ්පාදනය නංවන්න හොඳ හරක් පාකිස්තානයෙන්
    Featured

    දේශීය කිරි නිෂ්පාදනය නංවන්න හොඳ හරක් පාකිස්තානයෙන්

    By LFNDecember 19, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව රජය පවසයි.

    එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදුකරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිවාල් හා නිලිරවි වර්ගවලට අයත් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබේ.

    එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා පාකිස්තාන රජය අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයින් පස්දෙනෙකු හා නිලිරවි වර්ගයට අයත් පුංගවයන් දෙදෙනෙකු මිල දී ගැනීමටත්, සභිවාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.