හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර බවය.
මෙසේ තුවාල ලබා ඇත්තේ, මොරගහහේන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පැවසීය.
ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වීමෙන් පසු හොරණ තානායම වෙත පැමිණ ඇති අතර ඔහු මත්පැන් ස්වල්පයක් පානය කරන විට එහි සිටි පුද්ගලයෙකු සමග බහින්බස්වීමත් සිදුව ඇත.
ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් පිටවී යනවාත් සමග ම සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට, හිසට සහ එක් අතකට තුවාල සිදුව ඇත.
සැකකරුව ඊයේ රාත්‍රියේම හොරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.