Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වනසත්ව ප්‍රශ්නයට අමෙරිකාවත් මැදිහත් වෙයි
    Featured

    වනසත්ව ප්‍රශ්නයට අමෙරිකාවත් මැදිහත් වෙයි

    By LFNDecember 19, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

    අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති විශේෂ හමුවකදී මේ පිළිබඳ දීර්ඝ ලෙසින් සාකච්ඡා පවත්වා ඇත.

    මීට අතරව දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළෙඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

    දෙපාර්ශ්වය අතර පැවැත් වූ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පොල්කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට අමෙරිකාවේ එකඟතාව හිමිව තිබේ.

    එමෙන්ම කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන අභියෝග ඵලදායී ආකාරයෙන් කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ද චූලි චන්ග් මහත්මිය සිය කැමැත්ත පළකර ඇත.

    තවද දේශීය ගොවියාගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා අවශ්‍ය අමෙරිකානු සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

    මීට අමතරව මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. විකුමසිංහ මහතා, අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝමනී එදිරිමාන්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 20260162 Views

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත…

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.