Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීනයෙන් ලබාදෙන සහයෝගයට ජනපතිගෙන් පැසසුම්
    Featured

    චීනයෙන් ලබාදෙන සහයෝගයට ජනපතිගෙන් පැසසුම්

    By LFNDecember 19, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.

    මෙරට ආපදා තත්ත්වයන්වල දී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබේ.

    චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය මෙහිදි ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

    අතර මඟ නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබේ.

    අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතර මඟ නතර වී තිබෙන සමුද්‍රීය පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ උප සභාපතිනිය එහිදි ප්‍රකාශ කර ඇත.

    ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද කිං බොයොං මහත්මිය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,360 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250124 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.