Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවුලපතන ගම්මානයේ අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට
    Featured

    දිවුලපතන ගම්මානයේ අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට

    By LFNDecember 18, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කරන අම්පාර දිස්ත්‍රික්කයේ “දිවුලපතන ” ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) අවසර ලබා දුන්නේය.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නීතිපතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් එහිදී නියෝග කළේය.

    කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ එච්.එච්. සුගතපාල, ආර්.එල්.ආර්.රාජපක්ෂ ඇතුළු දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

    ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීය.

    එහිදී පෙත්සමකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නැගෙනහිර පළාතේ පිහිටි දිවුලපතන ගම්මානයට පිවිසෙන මාර්ග අවහිර කරමින් මුර කපොලු ඉදිකිරීම සහ බාධා කිරීම හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී තිබෙන බවයි.

    1974 වසරේ සිට අදාළ ප්‍රදේශයේ සිංහල පවුල් 618ක් වාසය කළ අතර පසුව එම ජනගහනය ක්‍රමානුකූලව වර්ධනය වූ බව සඳහන් කළ නීතිඥවරයා මේ වන විට එම ගම්මානය වටා ආරක්ෂක මුරපොළ වල් ඉදිකර තිබීම හේතුවෙන් එම ගම්මානයට ඇතුළුවීමට තිබෙන ප්‍රවේශ මාර්ග අවහිර වී තිබෙන බවත් චෝදනා කළේය.

    එසේම රජයේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන්ගේ බාධා කිරීම් හේතුවෙන් එම ජනතාවට කෘෂිකාර්මික කටයුතු පවා නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් ඔහු පෙන්වා දුනි.

    මේ තුළින් පෙත්සම්කරුවන් ඇතුළු ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය ලබන වසරේ සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද දින නියම විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 20260116 Views

    නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට…

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026

    ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.