Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට

    By LFNDecember 18, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගල සිව්දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

    ඊයේ (17) එම අනතුරු සිදුව තිබුණේ හලාවත, කළුතර උතුර, වැල්ලවාය සහ ඇහැළියගොඩ පොලිස් වසම්වලින්ය.

    හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, බෝවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කළුතර – හොරණ මාර්ගයේ ගල්පාත ප්‍රදේශයේදී පාපැදියක් පැදිකරුට පාලන කරගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් තිබේ.

    මරණකරු වයස අවුරුදු 83 ක් වූ ගල්පාත, කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර වැල්ලවාය තණමල්විල මාර්ගයේ හඳපානාගල ප්‍රදේශයේදී යුද හමුදා ජිප් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තෙළුල්ල, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ මැරේකැලේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පසු පැදිකරු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පදික පුද්ගලයා මියගොස් තිබේ.

    පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.