Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට

    By LFNDecember 18, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගල සිව්දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

    ඊයේ (17) එම අනතුරු සිදුව තිබුණේ හලාවත, කළුතර උතුර, වැල්ලවාය සහ ඇහැළියගොඩ පොලිස් වසම්වලින්ය.

    හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, බෝවත්ත, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කළුතර – හොරණ මාර්ගයේ ගල්පාත ප්‍රදේශයේදී පාපැදියක් පැදිකරුට පාලන කරගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් තිබේ.

    මරණකරු වයස අවුරුදු 83 ක් වූ ගල්පාත, කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර වැල්ලවාය තණමල්විල මාර්ගයේ හඳපානාගල ප්‍රදේශයේදී යුද හමුදා ජිප් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තෙළුල්ල, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ මැරේකැලේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා හා පසු පැදිකරු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පදික පුද්ගලයා මියගොස් තිබේ.

    පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202604 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.