Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ පළමු විදෙස් සංචාරය
    Featured

    ජනපතිගේ පළමු විදෙස් සංචාරය

    By LFNDecember 15, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි.

    ඒ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය ලෙසයි.

    ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වෙයි.

    ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

    ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධ ගයාවේද සංචාරය කිරීමට නියමිතය.

    ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් හිමිවන බවය.

    එසේම ජනාධිපතිවරයා සමඟ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සංචාරයට එක්වීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.