Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුමට ආ ජනපති කළ හෙළිදරව්ව
    Featured

    ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුමට ආ ජනපති කළ හෙළිදරව්ව

    By LFNDecember 10, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

    එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය.

    ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම වැඩසටහන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

    එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට ලාච්චු අස්සේ හිරවෙනවා නම් අපි ජනතාවට පැහැදිලි කළයුතු නැද්ද ඇයි හිර වෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ අපේ මේ මුළු දේහය පද්ධතියක් ලෙස කඩා වැටිලා තියෙන්නේ. යළි අපේ රට ගොඩනගනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිස්ථාපනයට ලක්කළ යුතුයි. එහෙම නැතුව කුඩා නීතිමය ප්‍රශ්නයකින්, කුඩා ආයතයක් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පමණක් මේ කාර්යය සම්පූර්ණ කරගන්න බැහැ. ඒකට මගේ අවුරුදු 05 ගත කරන්න පුළුවන්. නීති දෙකක් හදලා දීලා. ආයතනය ව්‍යුහයක් ප්‍රතිව්‍යුහගතකරලා දීලා මට අවුරුදු 05න් බැහැලා යන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවානම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් තොරව මේ ජයග්‍රහණ අත්පත්කරගන්න බැහැ. මම හිතනවා පෞද්ගලිකව මා උත්සාහ කරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කරලා මේ රාජ්‍යය සුවපත් රාජ්‍යයක් බවට පත් කරන්න. එක තමයි මගේ අපේක්ෂාව.”

    “එක අවුරුද්දක අල්ලස් කොමිසමෙන් දඬුවම් ලබාදීලා තිබුණේ PC මහත්වරු දෙන්නෙකුයි, එක ග්‍රාමසේවක මහත්තයෙකුටයි, SI මහත්තයෙකුටයි, ලිපිකරුවෙකුටයි. මගේ මතකෙන් මම කිව්වේ තව දෙන්නෙක් වගේ හිටියා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳගෙන යනවා. එහෙම නීතියක් තිබෙන බව, එහෙම නීතිය ක්‍රියාත්මක වෙන බව මේ රටේ පුරවැසියන් දන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්ම වෙනවා වගේම නීතිය සාධාරණව ඉටුවෙනවා කියලා ජනතාවගේ විශ්වාසයක් ගොඩ නැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.