Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක සහ විදේශ කටයුතු එක්කිරීම ගැන ඇමති කියූ දේ
    Featured

    සංචාරක සහ විදේශ කටයුතු එක්කිරීම ගැන ඇමති කියූ දේ

    By LFNDecember 9, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යංශයක් යටතට ප්‍රථම වතාවට ගෙන ආ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    කොළඹ 07 තුරග තරගපිටිය පරිශ්‍රයේ ඊයේ (08) ආරම්භ කෙරුණු ‘2024 ජාත්‍යන්තර කඩමණ්ඩිය සහ සංස්කෘතික උළෙල’ අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකුද සහභාගි වූහ.

    මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රදර්ශන කුටි රැසක්ද මෙම උළෙල සඳහා එක්කර තිබුණි.

    ඊට සමගාමීව තානාපතිවරු ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විලාසිතා දැක්මක්ද පවත්වනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

    “මෙමගින් අපිට ලැබෙන අරමුදල් රාගම, උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන එම්. එච්. ඕමාර් අක්මා සත්කාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකාව සඳහා විශේෂිත වූ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට දායක වන උතුම් හේතුවක්. ඔබ දන්නා පරිදි විෂය පථයන් දෙකෙහි මැදිහත් වූ ස්වභාවය අනුව ප්‍රථම වතාවට සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යාංශයක් යටතට අපි ගෙන ආවා. රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් තෘප්තිමත් ලෙස ප්‍රදර්ශනය කරන මේ විලාසිතා දැක්ම තුළින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසර බව හොඳින් පෙන්නුම් කරනවා.”

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “අපේ විලාසිතා නිර්මාණකරුවන් මේ විදිහට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනු දැකීම සතුටක්. ඔබේ නිෂ්පාදන, ඔබේ දක්ෂතා මෙන්ම ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යෑම අපට කළ හැකියි. ඒ වගේම එය එසේ කිරීමට පහසු කිරීමත් අපට අවශ්‍යයි. නවීනත්වයත් සමග අපේ සාම්ප්‍රදයත් මිශ්‍රකර ඔබ ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන අපට සතුටුයි. ඒ වගේම අපේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිඹිබු වන ආකාරයෙන් මෝස්තර නිර්මාණය කිරීම ගැනත් සතුටුයි. මේ වටිනාකම් තමයි අපට මෙම ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යවන වටිනාකම්වන්නේ. ඉතින් බොහෝ හොඳ මුලපිරීම් අතර මෙම සහයෝගීතාව දැකීමට අපි ඇත්තෙන්ම සතුටු වෙමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.