ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්රදේශයේදී ඊයේ (8) රාත්රියේ වෙඩිතැබීමක් සිදු වූ බව පොලීසිය පවසයි.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.