Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

    By LFNDecember 8, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තුවේ.

    ඒ හේතුවෙන් අද (08) උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති හැකියි.

    බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

    බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවේ.

    මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026

    අද පස්වරුවේ මි.මී. 50ට වැඩි තද වැසි

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 202602 Views

    එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර…

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026

    අද පස්වරුවේ මි.මී. 50ට වැඩි තද වැසි

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.