Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අමෙරිකාවේ සහාය
    Featured

    රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අමෙරිකාවේ සහාය

    By LFNDecember 8, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩොනල්ඩ් ලු මහතා අතර ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

    එහිදී ඩොනල්ඩ් ලු මහතා මේ බව පවසා තිබුණි.

    ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවය.

    මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

    දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක්වී තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

    ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250119 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.