Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අමෙරිකාවේ සහාය
    Featured

    රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අමෙරිකාවේ සහාය

    By LFNDecember 8, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩොනල්ඩ් ලු මහතා අතර ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

    එහිදී ඩොනල්ඩ් ලු මහතා මේ බව පවසා තිබුණි.

    ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවය.

    මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

    දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක්වී තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

    ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 20260162 Views

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත…

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.