Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 2026

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයට වැරදුණු වෙඩිල්ල
    Featured

    පාතාලයට වැරදුණු වෙඩිල්ල

    By LFNDecember 7, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (5) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි.

    ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

    සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බව සඳහන්ය.

    ඔවුන් කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.

    එහිදී මෙම ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 3ක් සදහා භාවිතා කළ T56 ගිනි අවිය හා එහි පතුරම් ගැබ සහ උණ්ඩ 08ක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් හා එහි උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61 සහ හෙරොයින් ග්‍රෑම් 105ක් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

    ඉහත ඝාතන අතරින් ඒ ඝාතනක් සිදුකර ඇත්තේ ඩුබායිහි සැගව සිටින වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත් වූ තැනැත්තෙකු ඝාතනය කිරීම සඳහා බවද සඳහන්.

    කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාට බෝගහවැව ප්‍රදේශයට පැමිණ ඇත්තේ එම නිවසේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වූ ඝාතනයට ලක් වූ කාන්තාවගේ මිණිබිරියට වෙඩි තැබීමට බව විමර්ශනවලදී හෙළිවී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 202603 Views

    ඊයේ (5) නිකුත් කළ නවතම ICC කාන්තා ක්‍රිකට් T- 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට…

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.