Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්
    Featured

    මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්

    By LFNDecember 6, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩිකළ බවයි.

    මෙම බලපත්‍ර වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩිකිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

    ඊට අමතරව 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 20260116 Views

    ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ…

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026

    පාසල් බස් රථයක් සහ ලොරියක් අනතුරක – 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.