Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ITAK මන්ත්‍රීවරු ජනපතිගෙන් කළ ඉල්ලීම සානක්කියන් හෙළිකරයි
    Featured

    ITAK මන්ත්‍රීවරු ජනපතිගෙන් කළ ඉල්ලීම සානක්කියන් හෙළිකරයි

    By LFNDecember 5, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (04) සාකච්ඡාවක් පැවැත්වුණි.

    ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කළේ, බලය බෙදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. සානක්කියන් රාසමාණික්කම් මහතා,

    “අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා.

    ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා. උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා තියෙනවා.

    ජනාධිපති අපිට කිව්වේ ඉදිරි කාලයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත.. යම් යම් ජාතිවාදී ප්‍රකාශ කියවුණු නිසා මේ ජාතිවාදය නැති කිරීමේ අවශ්‍යතාවයක් වශයෙන් මේක භාවිත කළා මිසක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මින් ඉදිරියට භාවිත කරන්න කැමති නෑ කියන එකත් ප්‍රකාශ කළා. දේශපාලන සිරකරුවන්ට ඇප දෙන්න පුළුවන්ද කියලා සොයා බලලා ඒක කරන්නත් ජනාධිපතිතුමා කැමති වුණා “.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.