සිරිපාගම පොලිස් වසමේ කැටවල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තරුණියකට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (04) උදෑසන මෙය සිදුව තිබූ අතර පහරදීමෙන් තුවාල ලැබූ තරුණියව ගිලීමලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වු රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පහරදීම සිදුකළ පුද්ගලයා සමග මියගිය තරුණිය ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිරිපාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.