Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊ පාස්පෝට් මිලියන පහක් මිලදී ගැනීමේ සිද්ධිය ගැන අධිකරණයට දැනුම්දීමක්
    Featured

    ඊ පාස්පෝට් මිලියන පහක් මිලදී ගැනීමේ සිද්ධිය ගැන අධිකරණයට දැනුම්දීමක්

    By LFNDecember 4, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් රජය සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට “ඊ විදේශ ගමන් බලපත්‍ර” මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් සිදුකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

    එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (03) මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේය.

    මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවය.

    එම විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව විසින් සතියක කාලයක් ඉල්ලා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

    ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙහිදී වගඋත්තරකාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණගිශ්වරන් මහතා කියා සිටියේ අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සිය සේවාදායකයින් විසින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

    ඒ අනුව ඒ පිළිබඳ විභාගය ජනවාරි මස 23 වනදා පැවැත්වීමටද අධිකරණය දින නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.