Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 2026

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක් ?
    Featured

    සිරිපාදේ ප්‍රතිසංස්කරණයට යැයි පවසා මුදල් ගරන ජාවාරමක් ?

    By LFNDecember 4, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි.

    උන්වහන්සේ පවසන්නේ ‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකර ඇති බවය.

    “ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා. ඒ යෝජනා කරන අතරේ කූඨ ලෙස මිනිසුන් නොමඟ යවලා, ලක්ෂ ගණනක් ආධාර ලබාගන්න කටයුතු කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට වැටේ තීන්ත ගාන්න හෝ ශ්‍රී පාදස්ථානය සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ආලේප කරන්න හෝ අපි භාරදීලා නෑ. ඒ හැමකෙනෙක්ම මහ දිසාපතිතුමාගෙන් අවසර ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ භාරකාරත්වයෙන් අවසර ගන්න ඕනේ. අවසර නොලබා කිසිවෙක් කරන්නේ නෑ. උඩ මලුවේ කරන වැඩ සම්මාදම් කිරීමෙන් තොරව සිදුකරන්නේ.”

    නොයෙක් සංවිධානවලට මුදල් ලබා දීමෙන් වළකින ලෙස පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් අදාළ සංවිධානය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සංවිධානය අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

    “සමනල කන්ද රසික එකමුතුව” නම් වූ අප සමූහය විසින් රාජ්‍ය අංශවල අවසරය රහිතව සිදු කලා යැයි කියන හැටන් නල්ලතන්නිය පාරේ අත්වැටෙහි තීන්ත ආලේප කිරීම, කුරුවිට පාරේ දන්සැල් පැවැත්වීම සහ ඒවාට සම්මාදම් එකතු කලා කියන කරුණු අප සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මෙහිදී නායක හාමුදුරුවන් අප සමූහය ලෙස වරදවා වටහාගෙන වෙනත් පිරිසක් විසින් සිදුකළ කර්තව්‍ය පිළිබඳ අපට දෝෂාරෝපණය එල්ල කර ඇති බව අපට පෙනේ.

    වර්ෂ 2019 ජනවාරි මස ආරම්භ කරන ලද “සමනල කන්ද රසික එකමුතුව” යනු වසර 6 කට ආසන්න කාලයක් සාර්ථකව පවත්වාගෙන යනු ලබන Facebook Group එකකි. මෙම සමූහයේ සමනල කන්ද ස්වභාව රක්ෂිතය සහ සිරිපා වන්දනාවට අදාළ දේ හැර වෙනත් කිසිවක් ඵල නොවේ. එලෙසම දැඩි විනයකින් සහ නිරතුරුව සත්‍ය තොරතුරු සහ යාවත්කාලින කිරීම් සිදුකරන සමූහයකි. එම නිසාම සිරිපා වන්දනාවට අදාළ රත්නපුර, කුරුවිට, හැටන්, මස්කෙළිය, දැරනියගල ආදි ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් අප සමූහයේ සිටියි. ඔවුන් බොහෝමයක් අප සමග තොරතුරු බෙදාගනිමින් සහ සිරිපා වන්දනාවට අදාළ දේ සකච්ඡා කරති.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 2026

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 202600 Views

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5,000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුවු…

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026

    හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ජූනි 17

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.