Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් සෘජු හා වක්‍රව පීඩාවට පිරිසට සහන සැලසීමට රජයේ අවධානය
    Featured

    ආපදාවෙන් සෘජු හා වක්‍රව පීඩාවට පිරිසට සහන සැලසීමට රජයේ අවධානය

    By LFNDecember 3, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

    අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය.

    ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 සහ පුද්ගලයින් 469,872ක් අවතැන්ව ඇති බවත් මරණ 18ක්, තුවාල වීම් 20ක්ද වාර්තා වී ඇති බවය.

    මේ වන සුරක්ෂිත මධ්‍යස්ථාන 247ක මුළු පවුල් සංඛ්‍යාව 12,348 පුද්ගලයින් 38,616ක් රඳවා සිටි නමුත් මේ වන විට එම සංඛ්‍යාව නිෂ්චිත මධ්‍යස්ථාන 79ක් සහ පවුල් 2494ක් සහ පුද්ගලයින් 7946ක රඳවා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    කෙසේ නමුත් පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වක්‍රව ආපදාවට ලක්ව ඇති පිරිස මෙම අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් ආපදා සහන සහ පසු ආපදා සහන සැලසීමේදී රජය මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.