Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දඩයමට විරුද්ධවීම අපේ වගකීමක් – දිලිත්
    Featured

    දඩයමට විරුද්ධවීම අපේ වගකීමක් – දිලිත්

    By LFNDecember 3, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකර ඇතැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළුම් හර්ෂණ නමැත්තා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි.

    ඒ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේදීය.

    එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා නොසන්සුන් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුණි.

    සෙසු සැකකරුවන් අතරින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තැනැත්තා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (01) ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් වන්නේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන හා ජනිත් චතුරංග යන අය වේ.

    ඒ අතරින් කැලුම් ජයසුමන මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඊයේ (02) පැමිණියේය.

    එහිදී අදහස් දක්වමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය භාවිතය අනවශ්‍ය ලෙස පාලනයට රජය කටයුතු කරමින් සිටින බවය.

    එය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් බවත් ඔහු පැවසීය.

    “මොන රජයක් යටතේ වුණත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැදීමට විරුද්ධ වුණ පුද්ගලයින් අපි. වර්තමාන රජය මේ කරන දඩයමට විරුද්ධවීම අපේ වගකීමක්. බොහොම කණගාටු වෙනවා සමාජ මාධ්‍ය මේ විදිහට පාලනය කරන්න අනවශ්‍ය විදිහට බලපෑම් කරන එක ගැන. මම හිතන්නේ මධ්‍ය නිදහසට, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල බලපෑමක් ඇතිකරලා තියෙනවා. මහවිරු කියන සංකල්පයක් මේ සමාජය තුළ ඇතිකරලා අපේ එකමුතු ජාතිකත්ව සංකල්පයට ඉතා විශාල බධාවක් ඇතිකරනවා. මේ වර්තමාන රජයට කියන්නේ මේවා ඉතාම සංවේදී ඒවා. මේවා පාවිච්චිකරන්න එපා පටු දේශපාලනයට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.