Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දඩයමට විරුද්ධවීම අපේ වගකීමක් – දිලිත්
    Featured

    දඩයමට විරුද්ධවීම අපේ වගකීමක් – දිලිත්

    By LFNDecember 3, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකර ඇතැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළුම් හර්ෂණ නමැත්තා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි.

    ඒ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේදීය.

    එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා නොසන්සුන් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුණි.

    සෙසු සැකකරුවන් අතරින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තැනැත්තා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (01) ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් වන්නේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන හා ජනිත් චතුරංග යන අය වේ.

    ඒ අතරින් කැලුම් ජයසුමන මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඊයේ (02) පැමිණියේය.

    එහිදී අදහස් දක්වමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය භාවිතය අනවශ්‍ය ලෙස පාලනයට රජය කටයුතු කරමින් සිටින බවය.

    එය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් බවත් ඔහු පැවසීය.

    “මොන රජයක් යටතේ වුණත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැදීමට විරුද්ධ වුණ පුද්ගලයින් අපි. වර්තමාන රජය මේ කරන දඩයමට විරුද්ධවීම අපේ වගකීමක්. බොහොම කණගාටු වෙනවා සමාජ මාධ්‍ය මේ විදිහට පාලනය කරන්න අනවශ්‍ය විදිහට බලපෑම් කරන එක ගැන. මම හිතන්නේ මධ්‍ය නිදහසට, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල බලපෑමක් ඇතිකරලා තියෙනවා. මහවිරු කියන සංකල්පයක් මේ සමාජය තුළ ඇතිකරලා අපේ එකමුතු ජාතිකත්ව සංකල්පයට ඉතා විශාල බධාවක් ඇතිකරනවා. මේ වර්තමාන රජයට කියන්නේ මේවා ඉතාම සංවේදී ඒවා. මේවා පාවිච්චිකරන්න එපා පටු දේශපාලනයට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250127 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.