Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරන්න වැස්සත් විදුලි ගාස්තුවට මොකක් වෙයිද?
    Featured

    උතුරන්න වැස්සත් විදුලි ගාස්තුවට මොකක් වෙයිද?

    By LFNDecember 3, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමග මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩල දත්ත අනාවරණ කර තිබේ.

    ඒ අනුව පසුගිය (01) දිනයේදී දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාරවලිනි.

    මෙවැනි පසුබිමක විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බවය.

    “මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු සභාපතිවරයාට කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය ගැන. ඒ වගේම උප සභාපති ඉන්නවා ඔහුටත් කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි ක්ෂේත්‍රය ගැන. ඉතිං මේවා තියෙද්දි විදුලි බිල අඩු වෙයිද?”

    ඒනිසා මෙවර සංශෝධනයේදී විදුලි බිල අඩුවීමේ ප්‍රතිශතය 35%ත් – 40ත් ලබා දිය යුතුමයි. මොකද විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන 200කට වඩා ලාබ ලබමින් තමයි තියෙන්නේ.

    මේ අතර විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩම්.ඒ.පී. ප්‍රභාත් මහතා පැවසුවේ 30%ක විදුලි බිල අඩුවීමක් සඳහා තවත් වසර කිහිපයක් ගතවුණු ඇති බවයි.

    “මේ ලැබෙන වර්ෂාපතනයත් එක්ක යම්කිසි 6%යට එහා ගිය සහනයක් දෙන්න විදුලි බල මණ්ඩලය පැත්තෙන් පුළුවන් කමක් ලැබිලා තියෙනවා. නමුත් ඔය කියන 30% කතන්දරය නම් අනිවාර්යයෙන්ම මේ පාර වෙන්නේ නෑ. දෙසැම්බර් 06 වැනිදාට කළින් අපි උපයෝගිතා කොමිසමට යෝජනා යවනවා. බොහෝ වෙලාවට උපයෝගිතා කොමිසමට යැව්වාට පස්සේ ඒගොල්ලෝ සති දෙකක විතර කාලයක් ගන්නවා අනිවාර්යයෙන්ම මේක කළමනාකාරී කරලා බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ අග සතිය හෝ ජනවාරි මුල සතියේ ඉඳලා විදුලිබිල අඩු කිරීමක් වෙනවා අනිවාර්යයෙන්ම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.