Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරන්න වැස්සත් විදුලි ගාස්තුවට මොකක් වෙයිද?
    Featured

    උතුරන්න වැස්සත් විදුලි ගාස්තුවට මොකක් වෙයිද?

    By LFNDecember 3, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමග මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩල දත්ත අනාවරණ කර තිබේ.

    ඒ අනුව පසුගිය (01) දිනයේදී දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාරවලිනි.

    මෙවැනි පසුබිමක විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බවය.

    “මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු සභාපතිවරයාට කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය ගැන. ඒ වගේම උප සභාපති ඉන්නවා ඔහුටත් කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි ක්ෂේත්‍රය ගැන. ඉතිං මේවා තියෙද්දි විදුලි බිල අඩු වෙයිද?”

    ඒනිසා මෙවර සංශෝධනයේදී විදුලි බිල අඩුවීමේ ප්‍රතිශතය 35%ත් – 40ත් ලබා දිය යුතුමයි. මොකද විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන 200කට වඩා ලාබ ලබමින් තමයි තියෙන්නේ.

    මේ අතර විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩම්.ඒ.පී. ප්‍රභාත් මහතා පැවසුවේ 30%ක විදුලි බිල අඩුවීමක් සඳහා තවත් වසර කිහිපයක් ගතවුණු ඇති බවයි.

    “මේ ලැබෙන වර්ෂාපතනයත් එක්ක යම්කිසි 6%යට එහා ගිය සහනයක් දෙන්න විදුලි බල මණ්ඩලය පැත්තෙන් පුළුවන් කමක් ලැබිලා තියෙනවා. නමුත් ඔය කියන 30% කතන්දරය නම් අනිවාර්යයෙන්ම මේ පාර වෙන්නේ නෑ. දෙසැම්බර් 06 වැනිදාට කළින් අපි උපයෝගිතා කොමිසමට යෝජනා යවනවා. බොහෝ වෙලාවට උපයෝගිතා කොමිසමට යැව්වාට පස්සේ ඒගොල්ලෝ සති දෙකක විතර කාලයක් ගන්නවා අනිවාර්යයෙන්ම මේක කළමනාකාරී කරලා බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ අග සතිය හෝ ජනවාරි මුල සතියේ ඉඳලා විදුලිබිල අඩු කිරීමක් වෙනවා අනිවාර්යයෙන්ම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.