Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝටි හතේ කොල්ලයේ කරුණු රැසක් හෙළිවෙයි
    Featured

    කෝටි හතේ කොල්ලයේ කරුණු රැසක් හෙළිවෙයි

    By LFNDecember 2, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවි පෙන්වා ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් කොල්ලකන ලද රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට ලග්ගල පොලීසියට අද (01) හැකිවිය.

    මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත.

    ඒ අනුව ඔවුන් විසින් සොරාගන්නා ලද මැණික් ගල් දෙකක් ලක්ෂ 78කට අලෙවිකර තිබියදී සොයාගෙන ඇති අතර, කොල්ලය සඳහා යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

    එමෙන්ම පවුම් 7ක රත්‍රන් සොයාගැනීමට හැකිව ඇති අතර, කොල්ලකන ලද මැණික් ගලක් කෑලි 7කට කපා ඇති බවත් පොලීසිය පවසයි.

    මීට අමතරව පැහැරගත් ලක්ෂ 23ක මුදලක්ද සොයාගෙන ඇත.

    මෙම සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තවත් අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව හෙළි වී තිබේ.

    ඔවුන් විසින් පොතුහැර ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් කිලෝ 60-70 අතර බරකින් යුත් දඹරන් බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක්ද පොලීසියට සොයාගැනීමට හැකිව ඇත.

    මෙම කොල්ලකරුවන්ට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ චෝදනා රැසක් තිබෙන බවද පොලීසිය පවසයි.

    ලග්ගල පොලීසිය අනාවරණය කරගත් කරුණු අනුව මෙම කොල්ලකෑම සිදුකර ඇත්තේ, චීවරධාරයෙකු ඇතුළුව පුද්ගලයන් 12 දෙනෙකු විසින්ය.

    ඔවුන්ගෙන් 11 දෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

    අත්අඩංගුවට පත් චීවරධාරියා මෙම කොල්ලයේ මහමොළකරු වන අතර, ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවතගම, පොල්පිතිගම, දඹුල්ල, කුරුණෑගල, විල්ගමුව, බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

    සැකකරුවන් නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.

    මෙම කොල්ලකෑම නොවැම්බර් මස 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් බව පොලීසිය මීට පෙර කරුණු අනාවරණය කර තිබුණි.

    ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 20250121 Views

    ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු…

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.