Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි
    Featured

    දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි

    By LFNDecember 1, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ රාත්‍රි 9 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

    ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල,මීගමුව, පුත්තලම, මහියංගනය ,කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවලය.

    වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ.

    නමුත් අගය 101ත් – 150ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකේ.

    මෙවැනි පසුබිමක ඊයේ මෙන්ම අද දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබුණි.

    කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 104ක් වූ අතර එය අද 108ත් – 116ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණි.

    මීට අමතරව කළුතර නගරයේ ද වායු ගුණ තත්ත්වය අගය ඊයේ 98ත් 104 අතර පැවතුණි.

    එමෙන්ම මහනුවර වායු ගුණ තත්ත්වය 106ත් – 114ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් – 118ත් අතර පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

    යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගයත් ඊයේ 120ට ආසන්න වී තිබුණි.

    පවතින මෙම තත්ත්වය යටතේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් ඔවුන් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය බව අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.