Close Menu
Lanka Focus News
    What's Hot

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු අලි කියන චීන ව්‍යාපෘති පැවැති ආණ්ඩුවල ඉල්ලීම් – චීන තානාපති
    Featured

    සුදු අලි කියන චීන ව්‍යාපෘති පැවැති ආණ්ඩුවල ඉල්ලීම් – චීන තානාපති

    By LFNNovember 29, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති සියල්ල පැවති ආණ්ඩුවල ඉල්ලීම් අනුව ඉදි කළ ඒවා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් මහතා පවසයි.

    තානාපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනය නියෝජිත පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදීය.

    මෙරට චීන තානාපති චී ජන් හොන්ග් මහතා මාධ්‍ය ආයතන නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (28) පස්වරුවේ හමුවකට එක්වු අතර චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සාකච්ඡ කෙරුණි.

    එහිදී තානාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා පාර්ශ්වය දුර්වල ආකාරයෙන් මෙහෙයුම් සිදුකිරීම නිසා ඇතැම් ව්‍යාපෘති නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවය.

    උදාහරණයක් ලෙස පෞද්ගලික සමාගමකට බදු දී ඇති නෙළුම් කුලුන ව්‍යාපෘතිය වර්තමානයේ ලාභ ඉපැයීමට පටන්ගෙන ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සංකේතයක් බවට පත්වී ඇති බව චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.

    එමෙන්ම චීනය ආයෝජනය කළ හම්බන්තොට වරාය සහ කොළඹ වරාය ශ්‍රී ලංකා රජයට විශාල ආදායමක් ගෙනදෙන බවද ඔහු පෙන්වා දුනි.

    විශේෂයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම චීන ආයෝජනයක් බව එහිදී පෙන්වාදුන් තානාපතිවරයා පැවසුවේ ඊට ශ්‍රී ලංකාවෙන් කිසිදු මුදලක් වැය කර නොමැති බවය.

    චීන ණය සහ ආයෝජන, ණය උගුලක් ලෙස ඇතැමුන් හැඳින්වුවත්, එම ආයෝජන සිදුකළේ ශ්‍රී ලංකාව සමග පවතින ශක්තිමත් මිතුරු සබඳතාව මත මිස පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොවන බව ඔහු එහිදී අවධාරණය කළේය.

    විදේශ බලපෑම්වලට යටත් නොවී ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටීම සඳහා චීනය ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදුන් බවත් නව රජය යටතේ චීන- ශ්‍රී ලංකා සබඳතා නව පරිච්ඡේදයකට පිවිසෙනු ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

    සාකච්ඡා වට 7ක් ක්‍රියාත්මක වුවත් චීන- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් අත්සන් තැබීම නොහැකිව ඇත්තේ මන්දැයි එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මෙරට වෙළෙඳපොළ චීනය විසින් ආක්‍රමණය කරනු ඇති බවට පවතින්නේ සාවද්‍ය බියක් බවය.

    නිදහස් ගිවිසුමට අත්සන් තැබුවහොත් එහි යම් අවාසිදායක කරුණු ඇත්නම් වසරකට පසු සංශෝධන කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අවස්ථාව පවතින බවද චීන තානාපති චී ජන් හොන්ග් පෙන්වා දුනි.

    තානාපතිවරයා පෙන්වා දුන්නේ ජීනිවා මානව හිමිකම් කොමිසමේදී, කොවිඩ් වසංගත සමයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණදුන් දැවැන්ත ආර්ථික අර්බුදයේදී සහ ආපදා අවස්ථාවන් හිදී ශ්‍රී ලංකාවේ සහායට පැමිණි ආකාරයෙන්ම ඉදිරියේදීත් චීනය සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට සහාය වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,423 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 202604 Views

    බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද…

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.