Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය
    Featured

    හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

    By LFNNovember 29, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

    අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා,

    “වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ බෝග 6යි. වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිද්ධවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා. අනෙකුත් ගොවීන්ටත් යම් වන්දියක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලයට ඊට අදාළ ඉල්ලීමක් කරන්න අපි සූදානම්”.

    අයහපත් කාලගුණය මෙරට කෘෂිකර්මාන්තයටද එල්ල කර තිබෙන්නේ දැඩි බලපෑමක්.

    මහ කන්නය වෙනුවෙන් වී වපුරා තිබූ කුඹුරු ඇතුළු ප්‍රදේශ රැසක ගොවිබිම් මේ වනවිටත් ජලයෙන් යටව පවතියි.

    ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ජලගැලීම් නිසා උතුරු, උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකම ගොවිබිම් රැසකට මේ වනවිට දැඩි හානි සිදුව ඇත.

    ඒ ගොවීන්, මහ කන්නය වෙනුවෙන් වී වපුරා සතියක පමණ කාලයක් ගතව තිබූ පසුබිමකය.

    මෙවන් පසුබිමක ගොවි සංවිධාන පෙන්වාදෙන්නේ සිදුව ඇති හානිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදය රජය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260120 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.