Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 26ක් මරුට

    May 6, 2026

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙට කාලගුණය ගැන නිවේදනයක්
    Featured

    හෙට කාලගුණය ගැන නිවේදනයක්

    By LFNNovember 28, 2024No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    හෙට (29) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

    එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවද දැනුම්දෙයි.

    හෙට දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තු වෙයි.

    කෙසේවෙතත් හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වෙයි.

    උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇදහැලෙයි.

    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026

    සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ පණිවුඩයක්

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 26ක් මරුට

    May 6, 202601 Views

    යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 80…

    තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

    May 6, 2026

    සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

    May 6, 2026

    සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ පණිවුඩයක්

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.