Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනුවන්ගොඩ කොල්ලයේ සැකකරුවෙක් ඩුබායි පැනලා
    Featured

    මිනුවන්ගොඩ කොල්ලයේ සැකකරුවෙක් ඩුබායි පැනලා

    By LFNNovember 28, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනුවන්ගොඩදී පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබේ.

    මේ බව අනාවරණ වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදීය.

    ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වෙනිදාය.

    පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී රුපියල් තුන්කෝටි 55 ලක්ෂයකට අධික මුදලක්ද සොයා ගැනුණි.

    ඒ අනුව ඊයේ (27) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ සොරකම් කරන ලද මුදල් අධික ලෙස ගණිකාවන් ඇසුරුකිරීම සඳහා වියදම් කළ බවය.

    එසේම, කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පසුගිය 23 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

    ඔහු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ කොල්ලයෙන් පසු ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවය.

    කෙසේ වෙතත්, තරිඳු පෙරේරා නැමැති එම සැකකරු යතුරු පැදියකින් මුදල් බෑගයක්ද රැගෙන පලායන අයුරු CCTVකැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.