Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්පාර ට්‍රැක්ටර් අනතුර – තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී
    Featured

    අම්පාර ට්‍රැක්ටර් අනතුර – තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

    By LFNNovember 28, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

    ඒ අනුව මේ වනවිට සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

    කෙසේ වෙතත් අතුරුදන් අනෙක් සිසුන් දෙදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

    අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසලදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවී ගසාගෙන යෑමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (26) පස්වරුවේය.

    එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයකි.

    පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම පාසලට නිවාඩු ලබාදී තිබූ අතර, ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසලින් වැසි ජලයෙන් යටවී තිබුණි.

    මේ හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි දරුවන්ට සිය නිවෙස් වෙත යෑමට නොහැකි වී තිබුණි.

    එහිදී සිසුන් 11 දෙනෙකු සමන්තුරේ දෙසට ගමන්කරන ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, සිසුන් රැගත් ට්‍රැක්ටරය මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානය හරහා ගමන් කරමින් තිබියදී එය අනපේක්ෂිත ලෙස සැඩපහරකට හසුවී පෙරළී ගොස් තිබුණි.

    එහිදී ට්‍රැක්ටර් රථයේ සිටි පිරිස සැඩ පහරේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

    කෙසේවෙතත් ඒ අතරින් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්වී තිබූ නමුත් සෙසු පිරිස අතුරුදන්ව තිබුණි.

    මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් පිරිසක්, ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සහායකවරයාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.