Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්පාර ට්‍රැක්ටර් අනතුර – තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී
    Featured

    අම්පාර ට්‍රැක්ටර් අනතුර – තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

    By LFNNovember 28, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

    ඒ අනුව මේ වනවිට සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

    කෙසේ වෙතත් අතුරුදන් අනෙක් සිසුන් දෙදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

    අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසලදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවී ගසාගෙන යෑමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (26) පස්වරුවේය.

    එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයකි.

    පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම පාසලට නිවාඩු ලබාදී තිබූ අතර, ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසලින් වැසි ජලයෙන් යටවී තිබුණි.

    මේ හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි දරුවන්ට සිය නිවෙස් වෙත යෑමට නොහැකි වී තිබුණි.

    එහිදී සිසුන් 11 දෙනෙකු සමන්තුරේ දෙසට ගමන්කරන ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, සිසුන් රැගත් ට්‍රැක්ටරය මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානය හරහා ගමන් කරමින් තිබියදී එය අනපේක්ෂිත ලෙස සැඩපහරකට හසුවී පෙරළී ගොස් තිබුණි.

    එහිදී ට්‍රැක්ටර් රථයේ සිටි පිරිස සැඩ පහරේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

    කෙසේවෙතත් ඒ අතරින් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්වී තිබූ නමුත් සෙසු පිරිස අතුරුදන්ව තිබුණි.

    මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් පිරිසක්, ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සහායකවරයාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.