Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න
    Featured

    උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න

    By LFNNovember 26, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවය.

    දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

    ආපදා හේතුවෙන් ඇති වී ඇති ගමනා ගමන අවහිරතා නිසා විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේ දී යම් ප්‍රමාදයන් සිදුවුව ද ඒ පිළිබඳව සහනයක් ලබා දීමට විභාග මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.