Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය
    Featured

    දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය

    By LFNNovember 25, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

    ඒ අනුව මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය.

    ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පැවසීය.

    “ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. එහෙම දෙයක් අද රට තුළ බලාපොරොත්තු වෙන්නේ නෑ ජනතාව. ඒ ජනතාව උතුර, බටහිර හරි නැගෙනහිර හරි වෙන්න පුළුවන්, සෑම ජනතාවක්ම බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් රට දියුණු කරන්න මැදිහත් වෙනවා කියලා. ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් විදියට තමා අපි දන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කරලා ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල අපි පරීක්ෂා කළා. ඔහු සමග කතා කරන්නත් පුළුවන් අපි බුද්ධිමත්ව කටයුතු කරලා ඉදිරියේ දී මේ ගැන පැහැදිලි කරගමු.”

    මේ අතර ජනතාව බලාපොරොත්තු වන අභිලාෂයන් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 202602 Views

    බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (05)…

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.