Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම බලාසිටින නිධානය සොයා අදත් කැණීම්
    Featured

    රටම බලාසිටින නිධානය සොයා අදත් කැණීම්

    By LFNNovember 23, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.

    ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.

    එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය.

    මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය විය.

    ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය.

    එම කැණීම් සඳහා දින දෙකක කාලයක් ලබා දී තිබූ අතර, ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනවල එහි කැණීම් සිදු කළේය.

    කෙසේවෙතත් ඊයේ පස්වරුව වන විටත් එය අවසන් කිරීමට නොහැකි වූ අතර, දැවැන්ත ගලක් හමුවීමත් සමග ඊයේ දිනයේ කැණීම් තාවකාලිකව නවතා දැමුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,313 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,945 Views
    Don't Miss

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 20250115 Views

    TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය…

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025

    ශ්‍රී ලංකාවේ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.