Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිපති මහර සිරකරු ඝාතන නඩුගොනුව වසාදැමීම පුදුම සහගතයි -වැලිසර මහෙස්ත්‍රාත්
    Featured

    නීතිපති මහර සිරකරු ඝාතන නඩුගොනුව වසාදැමීම පුදුම සහගතයි -වැලිසර මහෙස්ත්‍රාත්

    By LFNNovember 23, 2024No Comments3 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමය දනවන්නක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

    එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.

    කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වෙනිදා මහර උද්ඝෝණයක් කළ මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණි.

    එම රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වූ අතර, එහිදී මහෙස්ත්‍රත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පැවසුවේ, එය අපරාධයක් බවයි.

    එම වෙඩිතැබීම අවම බලය භාවිත කිරීමක් ලෙස සැලකිය නොහැකි බැවින් වහාම වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම අධිකරණය නියෝග කළේය.

    එවැනි පසුබිමක ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් සහිත ලිපියක් ඉදිරිපත් කරමින් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ අදාළ නඩුගොනුව වසා දමන ලෙසය.

    නමුත්, අදාළ නඩුගොනුව එකවර වසා දැමීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර අගතියට පත් පාර්ශ්වයට දැනුම්දීමට අද නඩුව යළි කැඳවා තිබුණි.

    “මට මතකයි මේ නඩුවේ මුල් අවස්ථාවේදිම පැමිණිල්ල මේ කොරෝනා ආසාදිත පුද්ගලයින් කියා මෘත ශරීර පුළුස්සා විනාශ කරන්න හැදුවා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් නිසයි එය වැළකුණේ. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා මෙම මරණ 11ම සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට සිදුව ඇති වෙඩිවැදීම් නිසා කියලා. එය කලහකාරී තත්ත්වයක් පාලනයට අවම බලය භාවිත කිරීමක් ලෙස කිසිසේත්ම සලකන්න බැහැ. ඒ නිසයි අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා මා නියෝග කළේ. නමුත් නීතිපතිවරයා යොමුකළ උපදෙස් ලිපියේ කියන්නේ බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කළා කියලා. එය පුදුම සහගතයි. මෙතනදී පැහැදිලිව මගේ නියෝගයයි, නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා. මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි. මෙම අවස්ථාවේත් අධිකරණයේ මතය මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ” මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන ” නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකියි යන්න. නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ. ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න”

    මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතාද විවෘත අධිකරණයේ කරුණු දැක්විය.

    “ස්වාමිනි, නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය අතීශයින්ම ප්‍රශ්න සහගතයි. ස්වාමිණී බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි භාවිත කරන්න පුළුවන් සිරකරුවන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවකදී පමණයි. එහෙත් මෙම සිරකරුවන් PCR ඉල්ලා උද්ඝෝෂණ කළා මිස පැනයාමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. අනික එම පනතට අනුව සිදුවිමක් පාලනය කරන්න වෙඩි තැබුවත්, මරණයක් සිදුකරන්න බැහැ. අනික ගිනිඅවි ක්‍රියාත්මක කරන්න කළින් නීතියට අනුව අහසට වෙඩි තියා සංඥාවක් කළ යුතුයි. මෙහිදී එවැන්නක් සිදුවූ බවටද සාක්ෂි නැහැ. එහෙම තත්ත්වයක කොහොමද ස්වාමිනි මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය රාජකාරී සීමාවේ සිදුකළ ක්‍රියාවක් වෙන්නේ. මේක නරක පූර්වාදර්ශයක්. ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? මෙහිදී නීතිපතිගේ නියෝගයෙන් වින්ධිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදුවෙනවා. යුක්තිය සහ නීතිය අපගමනය කරන්න නීතිපතිට බැහැ.”

    අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විසින් නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට දින නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.