Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොවක් සංවේදී කළ බලු රංචුව

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්
    Featured

    රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

    By LFNNovember 23, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

    අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, දේශපාලන වෙනස්වීම්වලදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පූර්ව චිත්‍රණයක සිට කටයුතු කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් අද සිට රාජ්‍ය නිලධාරින්ගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත් වන්නේ ඔවුන් ලබාදෙන දායකත්වය බවයි.

    රාජකාරී ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරින්ට කොතැනක හෝ යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ආදායම් උපයන දෙපාර්තමේන්තු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන අතර එය වෙනස් කිරීමට අසීරු වුවද තමන් පිළිබඳ යම් අයහපත් චිත්‍රයක් තිබේ නම් එය වෙනස් කර ගැනීමට සියලු නිලධාරින්ට නව රජය යටතේ අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මාධ්‍ය ඉදිරියේ නිලධාරින්ට තර්ජනය කිරීම, ඔවුන්ගේ අදහස් නොතකා හැරීම වැනි න්‍යායන් තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ස්වයං විනයක් සහ ස්වයං වගවීමක් නිර්මාණය කර ගැනීම නව පරිවර්තනයේ ප්‍රවේශය බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් එක්වන ලෙස ද මෙහිදී සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ලොවක් සංවේදී කළ බලු රංචුව

    March 25, 20260152 Views

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත…

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.