Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    July 2, 2025

    දැඩි පොලිස් ආරක්ෂාව මැද නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ භාරගනී

    July 2, 2025

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්
    Featured

    රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

    By LFNNovember 23, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

    අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, දේශපාලන වෙනස්වීම්වලදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පූර්ව චිත්‍රණයක සිට කටයුතු කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් අද සිට රාජ්‍ය නිලධාරින්ගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත් වන්නේ ඔවුන් ලබාදෙන දායකත්වය බවයි.

    රාජකාරී ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරින්ට කොතැනක හෝ යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ආදායම් උපයන දෙපාර්තමේන්තු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන අතර එය වෙනස් කිරීමට අසීරු වුවද තමන් පිළිබඳ යම් අයහපත් චිත්‍රයක් තිබේ නම් එය වෙනස් කර ගැනීමට සියලු නිලධාරින්ට නව රජය යටතේ අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මාධ්‍ය ඉදිරියේ නිලධාරින්ට තර්ජනය කිරීම, ඔවුන්ගේ අදහස් නොතකා හැරීම වැනි න්‍යායන් තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ස්වයං විනයක් සහ ස්වයං වගවීමක් නිර්මාණය කර ගැනීම නව පරිවර්තනයේ ප්‍රවේශය බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් එක්වන ලෙස ද මෙහිදී සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැඩි පොලිස් ආරක්ෂාව මැද නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ භාරගනී

    July 2, 2025

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    July 2, 20250110 Views

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2)…

    දැඩි පොලිස් ආරක්ෂාව මැද නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ භාරගනී

    July 2, 2025

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.