Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්
    Featured

    කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකියන්ට විශේෂ නිවේදනයක්

    By LFNNovember 22, 2024No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

    එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වන බව සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය.

    ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකිය.
    එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

    ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා, යන ස්ථානයන් හී පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල එය ස්ථානගත කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    මෙයට අමතරව අලි ‍සබා අල් සලීම්, උම් අල් – හයෙමාන් සහ ජහ්‍රා ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකණු ලබාදීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තු‍වේ දී සිදුකළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් “The Times Kuwait” පුවත්පත මගින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රජය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.