Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හරීන් CIDයට
    Featured

    හරීන් CIDයට

    By LFNNovember 22, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට අද (22) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන දැනුම් දී තිබුණි.

    ඉන් හරීන් ප්‍රනාන්දු හැර සෙසු පිරිස ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදුන් අතර, හරීන් ප්‍රනාන්දු අද දිනයේදී ඒ වෙත පැමිණියේය.

    එහිදී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මෙම ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතුදැයි විමසා සිටියේය.

    “මම විශ්වාස කරන්නේ නැහැ. මොකද කැබිනට්ටුවේ දවසකට පත්‍රිකා අඩුමගානේ 60ක්, 70ක් දානවා. සාමාන්‍යයෙන් ඒ අමාත්‍යංශවල ලේකම්වරු තමයි ඒවා හදලා ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයා ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම මුදල් අමාත්‍යංශය නිර්දේශ කරනවා. ඕක තමයි සාමාන්‍ය දේ. මේක මේ ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්නේ. කෙසේ නමුත් අධිකරණයට ගෞරව කරලා අපි දන්න දේ කියන්න බලාපොරොත්තු වෙනවා”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 20250117 Views

    මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස්…

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025

    නේපාල ගැටුම්වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නෑ

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.