Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
    Featured

    උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    By LFNNovember 22, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය.

    ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි.

    ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණි.

    විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බව සඳහන් ය.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කර තිබේ.

    යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබේ.

    ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත දැන්විය හැකිය.

    එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

    මේ අතර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 20 වනදා දැනුම්දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 202600 Views

    පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.…

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.