Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි
    Featured

    ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

    By LFNNovember 21, 2024No Comments6 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

    10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානායකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබීය.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූ අතර මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටී.

    සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අපි ගොඩනැගුණු බව පසක් කර අවසන් බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව ද පැවසීය.

    එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    “හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…”

    සියලුදෙනාම මහජන නියෝජිතයින් නම් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    “අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.”

    සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    “දේශපාලනික වෙනස්කම් විය හැකියි. නිදහස කියන එක හැමකෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැමකෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම අපගේ වගකීමක්. එය අපි ඉටුකරන බව අපි සහතික කරනවා. ”

    එමෙන්ම නීතියේ විධානය ආධිපත්‍ය රැකිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    “ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන බවට හැඟීමක් ඇති විය යුතුයි. පසුගිය කාලයේ පුරා රටේ සිදුව ඇත්තේ නීතිය ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා. පොදු ජනතාව තුළ නීතිය හා විධානයේ ආධිපත්‍ය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. නීතිය හා විධාන ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නෑ. කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් නෑ. හැමදෙනාම නීතියට යටත්විය යුතුයි. නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතුයි.”

    එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ අපරාධයන් ගැන යළි විමර්ශනයට ලක්කර වින්දිතයින්ට සාධාරණත්වයත් අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

    “මම ඔබට සහතිකයක් දෙනවා. ආන්දෝලනයට තුඩුදුන් අපරාධයන්, එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන්ව නීතිය හමුවට ගෙන යන බවටත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවටත් අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය, යුක්තිය ඉඩවන රාජ්‍යයක්. ”

    IMF කාර්ය මණ්ඩල ගිවිසුම ලබන 23 වන දා අත්සන් කළ හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක් බව ද ජනාධිපතියා පැවසීය.

    “ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩනොදී සෑම පැත්තකින් කල්පනා කරලා ගත යුතු අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කරලා දීලා නෑ. අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කර දී නෑ. ඒ නිසා සියුම් සෑම තැනක්ම අපි සලකා බැලිය යුතුයි.”

    නව ආර්ථික උපායමාර්ගයට අවතීර්ණ විය යුතු බව ද පැවසු ජනාධිපතිවරයා එය කොටස් තුනකින් සමන්විත බව ද කියා සිටියේය.

    “පළමුකොටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක්. අනතුරුව ඒ ආර්ථිකයේ ඊළඟ ලක්ෂණය තමයි ඒ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමන් කරන ලද ආර්ථිකයෙන් අපට ඵලක් නෑ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයක දීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් විය යුතුයි. තුන්වන ලක්ෂණය තමයි අපි මොනතරම් ජාතික ධනය උත්පාදනය කළත් ඒ ධනය අතළොස්සක් අතේ සංඛේන්ද්‍රනය වන්නේ නම් ඒ රාජ්‍ය ස්ථාවර කරන්නේ නෑ. අපේ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාව වෙත ගලා යා යුතුයි.”

    වෙළෙඳපොළ නියාමනයට කටයුතු කළ යුතු බව ද පැවසු ජනාධිපතිවරයා, බලශක්ති වෙළෙඳපොළ ගැන විශේෂ අවධානය යොමුකරන බව ද පැවසීය.

    එය ඉතා සංවේදී ස්ථානයක් බවත් මූල්‍ය වෙළෙඳපොළ ද එවැනි වැදගත් ස්ථානයක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ඒ අනුව රාජ්‍ය පංගුවක් ලෙස එය ක්‍රියාත්මක විය යුතු බවත්, විසිරී ඇති වෙළෙඳපොළ වෙනුවට වෙළෙඳපොළ සංවිධානාත්මක කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඒ අනුව යළි සමූපකාර ජාලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    වත්මන් රජයේ අපේක්ෂාව වන්නේ මිලියන 4ක සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම හා එයින් ඩොලර් මිලියන 8ක ආර්ථිකයක් උත්පාදනය කරගැනීම බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    එමෙන්ම වසර 5ක් තුළ IT කේෂ්ත්‍රයට අදාළ වෘත්තීයවේදීන් ලක්ෂ 2ක දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    IT කේෂ්ත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා වැඩිකිරීමට නියමිතයි.

    ලෝකයේ ප්‍රබල වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    කෘෂිකර්මාන්තයේ නැවුම් පිම්මක් ගැනීම අපේක්ෂාව වන බව ද පැවසු ජනාධිපතිවරයා, සහනාධාර ලබාදිය යුතු ස්ථාන හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බව ද කියා සිටියේය.

    විද්‍යාව හා පර්යේෂණ අමාත්‍යාංශයක් ගොඩනැගීම තුළින් විශාල පරිවර්ථනයක් සිදුකරන බව ද පැවසු ජනාධිපතිවරයා ඩිජිටල්කරණය තුළින් ඩොලර් බිලියන 15ක ආදායමක් උපයාගැනීම අපේක්ෂාව බව ද පැවසීය.

    “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද පැවසු ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපත් පරිවර්තනයකින් තොරව ජයග්‍රහණය සාර්ථක කරගත නොහැකි බව ද කියා සිටියේය.

    අධ්‍යාපනයේ, සාහිත්‍යයේ, නීතියේ හා ආකල්ප තුළ විශාල පරිවර්තනයක් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

    දුප්පත්කම තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රධානතම අභියෝගය බව ද මෙහිදී කියා සිටියේය.

    ඒ සඳහා ගත් ආරම්භයක් ලෙස එළැඹෙන අයවැයෙන් අස්වැසුම ප්‍රතිලාභය සාධාරණ පංගුවකින් ඉහළ දමන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    පාසල් පොත් මිලදී ගැනීමට අසීරු පවුල් වෙනුවෙන් රජයෙන් දීමනාවක් ලබාදෙන බවත්, විශ්‍රාමිකයින් වෙනුවෙන් ඔක්තෝබර් මාසයේ සිට වැඩිකළ රු 3,000 දීමනාව එලෙසම ලබාදෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    එමෙන්ම එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ළදරු මන්දපෝෂණය තුරන් කිරීම වෙනුවෙන් එවැනි දරුවන් සිටින පවුල් වෙත යම් දීමනාවක් ලබාදීමට බලාරොත්තු වන බවත්, ගර්භණී මව්වරුන් වෙනුවෙන් පෝෂදායි ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ආබාධිත පුද්ගලයින් බලාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හා ඔවුන් වෙනුවෙන් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසු ජනාධිපතිවරයා, දුප්පත්භාවය තුරන් කිරීම සඳහා දැනට ජනතාව නියැලෙන ආර්ථික ප්‍රභවයන් සාර්ථික ලාභදායි ආර්ථික ප්‍රභවයන් බවට පත්කරන බව ද කියා සිටියේය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නිර්මාණය කිරීමේ උන්මාදයක් ගොඩනගන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා වු වෙළෙඳපොළ සොයා දීම රජයේ වගකීම බව ද කියා සිටියේය.

    තානාපති කාර්යාල මෙහෙයවමින් නව වෙළෙඳපොළක් ඇති කරමින් නව ව්‍යවසායකයින් වෙනුවෙන් සොයාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රාජ්‍ය වියදම් වෙනුවෙන් එළැඹෙන මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    ඉන් අනතුරුව පෙබරවාරි මාසයේ අග දී අයවැය ඉදිරිපත් කර එය මාර්තු මාසයේ දී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    අලුත් පරිවර්තන යුගය සාර්ථක කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලුදෙනා සාය දක්වනු ඇතැයි තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 වන අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් කල්තැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.