Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
    Featured

    10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි

    By LFNNovember 21, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ.

    අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.

    කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත.

    පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.

    මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත 10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිත අතර ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.

    ඒ අනුව පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී කතානායකවරයා පිළිගැනිමට නියමිතව තිබේ.

    අනතුරුව අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් පසුව යි.

    පෙරවරු 11.20ට කතානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙල අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.