Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයිස් කිලෝ 160ක් සහ හොරොයින් කිලෝ 60ක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට
    Featured

    අයිස් කිලෝ 160ක් සහ හොරොයින් කිලෝ 60ක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට

    By LFNNovember 21, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙක් මාතර ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ කාර්යාංශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේය.

    එහිදි සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර ගුවන් තැපැල් මඟින් තායිලන්තයේ සිට මෙරටට එවන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    එහිදි තායිලන්තයේ සිට මෙරටට එවන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 274ක් අඩංගු පාර්සක් දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක, හෝමාගම සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 202604 Views

    තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්…

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.