Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF නියෝජිතයින් විශේෂ හමුවක – විදුලි ගාස්තු සංශෝධනය ගැනත් සාකච්ඡා
    Featured

    IMF නියෝජිතයින් විශේෂ හමුවක – විදුලි ගාස්තු සංශෝධනය ගැනත් සාකච්ඡා

    By LFNNovember 21, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

    එහිදි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිතව තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ඊට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතව තිබේ.

    පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් භාරදෙනු ලැබීය.

    එහිදි විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 6.6කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය.

    මේ හේතුවෙන් නව යෝජනාවලියක් සකස් කර යළි කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දෙනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

    March 7, 20260119 Views

    2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක්…

    බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

    March 7, 2026

    බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි

    March 7, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.